ඇමති සරත්ගේ ප්‍රකාශයට කාදිනල් හිමිගෙන් ප්‍රතිචාර

ඇමති සරත්ගේ ප්‍රකාශයට කාදිනල් හිමිගෙන් ප්‍රතිචාර

බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි සියලු සාන්තුවරුන්ගේ දේවස්ථාන පරිශයේ තිබී හමුවූ අත්බෝම්බය සම්බන්ධයෙන් පොලීසිය කටයුතු කළ ආකාරය සැක සහිත බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඊයේ සඳහන් කළා.

ඒ පිළිබඳ අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කළේ පොලිසිය පිළිබඳ විශ්වාසය පළුදුවන ආකාරයෙන් ප්‍රකාශ සිදුකිරීම නුසුදුසු බවයි

මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ චෝදනාවට කාදිනල් හිමිපානන් මෙලෙස ප්‍රතිචාර දැක්වූවා

කෙසේ වෙතත්, නිවේදනයක් නිකුත් කරමින් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පෙන්වා දෙන්නේ එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ 14ක් සටහන් කරගෙන ඇති අතර පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක බවයි.

Share This