භානුක රාජපක්ෂ යලි  පිටියට

භානුක රාජපක්ෂ යලි පිටියට

පසුගිය දා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගන්නා බව ප්‍රකාශ කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරාත්මක මැද පෙළ පිතිකරු භානුක රාජපක්ෂ ඔහුගේ තීරණය වෙනස් කරගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළා.

භානුක රාජපක්ෂ සිය තීරණය ක්‍රිකට් ආයතනයට නිල වශ‍යෙන් දැනුම් දී ඇති බව සඳහන්.

ඊයේ පෙරවරුවේ භානුක රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද හමුවුනා

එහිදී ක්‍රීඩා අමාත්‍යවරයා භානුක රාජපක්ෂගෙන් ඉල්ලා ඇත්තේ සිය තීරණය පිළිබඳ නැවත සලකා බලන ලෙසයි.

එම ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙසයි භානුක මෙලෙස ඔහුගේ තීරණය වෙනස් කර ඇත්තේ

Share This