බංගලාදේශය පරදා දෙවන ටෙස්ට් තරඟයෙන් නවසීලන්තයට ලකුණු 117ක ජයක්

බංගලාදේශය පරදා දෙවන ටෙස්ට් තරඟයෙන් නවසීලන්තයට ලකුණු 117ක ජයක්

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 117ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට නවසීලන්තය අද සමත් වුණා.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු‍ 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 521ක්.

තරගයේ දෙවන දිනය වූ ඊයේ දිනය අවසන් වන විට බංග්ලාදේශය සියලු‍ දෙනා දැවී සිය පළමු ඉනිමට ලකුණු 126 ක් ලබා සිටියා

ඒ අනුව අද දිනය ආරම්භයේ දී ම නවසීලන්තය විසින් දෙවැනි වරටත් පන්දුවට පහර දීම සදහා බංග්ලාදේශයට ආරාධනා කළා.

කෙසේ වෙතත්, බංග්ලාදේශයට සිය දෙවැනි ඉනිමේ දී සියලු‍ දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 278 ක් පමණයි.

පන්දු 106කින් සිය දෙවැනි ටෙස්ට් ශතකය වාර්තා කළ ලිටන් ඩාස් ලකුණු 102කට දැවී ගියා.

සිය අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ සුපිරි පිතිකරු රෝස් ටේලර් ඉනිමේ අවසන් කඩුල්ල දවා ගැනීම විශේෂත්වයක්.

මෙම තරගයේ දී ඔහු යොමු කළ පළමු පන්දුවාරයේ තෙවැනි පන්දුවේ දී යි එම කඩුල්ල දවා ගැනීමට සමත් වුණා.

රෝස් ටේලර් මීට පෙර ටෙස්ට් පිටියේ දී දවා ගෙන තිබුණේ කඩුලු‍ 2ක් පමණයි.

නවසීලන්ත ඉනිමේ දී ද්විත්ව ශතකයක් වාර්තා කරමින් ලකුණු 252ක් රැස් කළ ටොම් ලේතම් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

Share This