
Avatar 2: The Way of Water චිත්රපටය බොක්ස් ඔෆිස් වාර්තා අතරට
සති අන්ත සිනමා දැක්මකදී USD බිලියන 2 කට වඩා වැඩි ආදායමක් උපයාගත් හයවන සිනමාපටය ලෙස ජේම්ස් කැමරන් විසින් අධ්යක්ෂනය කළ මේ වන විට ලොව පුරා සාර්ථකව තිරගත වන Avatar 2 සිනමාපටය වාර්තා පොත් අතරට එක් වී තිබෙනවා.
මෙලෙස ආදායම් වාර්තා තැබූ සිනමාපට හයෙන් තුනක්ම Avatar 2 සිනමාපටය අධ්යක්ෂණය කළ ජේම්ස් කැමරන්ගේ වීම විශේෂත්වයක්.
මෙම ලැයිස්තුවේ ඉහළින්ම ඇත්තේ 2009 දී තිරගත වූ Avatar චිත්රපටයේ පළවන කොටසයි.
දෙවන ස්තානය Avengers: Endgame ලබා ගත් අතර තුන්වන සිනමාපටය ලෙස කැමරන්ගේ ටයිටැනික් චිත්රපටය වාර්තා අතරට එක් වී තිබෙනවා.
හතරවන ස්ථානය Star Wars: The Force Awakens සහ පස්වන සිනමාපටය ලෙස Avengers: Infinity War මෙලෙස වාර්තාගත ලෙස සති අන්තයේ අදායම් ඉපයූ සිනමාපට අතරට එක් වනවා.