අනුෂ්කා ෂර්මා යළිත් බොලිවුඩයට.

අනුෂ්කා ෂර්මා යළිත් බොලිවුඩයට.

ඉන්දීය බොලිවුඩ් සිනමාවට පෑයූ තවත් එක් තාරකාවක් තමයි සිනමා නිළි අනුෂ්කා ෂර්මා කියන්නේ.

ඇය දැන් ඉන්දීය හිටපු ක්‍රිකට් නායක විරාත් කෝලිගේ ආදරණිය බිරිඳ.


අනුෂ්කා ෂර්මා නැවතත් බොලිවුඩ් සිනමාවට එක්වීමට සූදානමක් පවතින බවට ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කරනවා.

අනුෂ්කා, ෂාරුක් ඛාන් සමගින් රඟපෑ ‘සිරෝ චිත්‍රපටයෙන් පසුව කිසිදු බොලිවුඩ් නිර්මාණයක් සඳහා එක්වූයේ නැහැ.

අනුෂ්කා යළිත් බොලිවුඩයට සම්බන්ධ වෙන්නේ මහා පරිමාණ ව්‍යාපෘති තුනක් සමගින් බවයි වාර්තා වෙන්නේ.

ඒ ඇය රංගන ශිල්පිනියක් විදිහටද නැත්නම් නිෂ්පාදිකාවක් විදිහටද යන්න තවමත් නිවැරදිව වාර්තා වන්නේ නැහැ.

TAGS
Share This