
කෝලි ගැන කියන අනුෂ්කා ෂර්මා
ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයෙන් විරාත් කෝලි පසුගියදා ඉල්ලා අස්වුණා.
විරාත් කෝලි මීට පෙර එක්දින සහ පන්දුවාර 20 නායකත්වයෙන්ද ඉල්ලා අස්වුණා.
වසර 7ක කාලයක් ඔහු ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දරනු ලැබුවා.
මේ සම්බන්දයෙන් කෝලිගේ බිරිඳ බොලිවුඩ් සිනමා නිළි අනුෂ්කා ෂර්මා පවසන්නේ කෝලි නායකත්වයෙන් ඉවත්වීම ගැන තමන් දැඩි ලෙස සතුටට පත්වන බවයි.
එය අමතර පිඩනයක් ඔහුට. පිතිකරුවෙකු විදිහට සාර්ථක වෙනවාට වඩා නායකයෙක් විදිහට සාර්ථක වෙන එක අමාරු දෙයක්. ඔහු ඉදිරියේදී පිතිකරුවෙක් විදිහට වැඩි දායකත්වයක් කණ්ඩායමට ලබා දෙයි යන්න ඇය මාධ්‍යට පවසලා තිබුණා.

TAGS Anushka Sharma