බොරැල්ල අත්බෝම්බය ගැන පුළුල් විමර්ශනයක්

බොරැල්ල අත්බෝම්බය ගැන පුළුල් විමර්ශනයක්

බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයෙන් සොයාගත් අත්බෝම්බය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පෙන්වා දෙන්නේ එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ 14ක් සටහන් කරගෙන ඇති අතර පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක බවයි.

මෙම දේවස්ථානයේ තිබී ඉකුත් ජනවාරි 11 වනදා අත්බෝම්බයක් හමුවී තිබුණා.

ඊට අදාළ විමර්ශනයේදී අදාළ සීසීටීවී දර්ශන යොදාගෙන සාක්ෂි මගින් ද අනාවරණ වුණු තොරතුරු මත තවදුරටත් විමර්ශන සිදුකරමින් පවතින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මෙම අත්බෝම්බය දේවස්ථානය වෙත රැගෙන පැමිණි පුද්ගලයා කවුරුන්ද, කුමණ අරමුණක් සඳහා මෙය සිදු කළේද, ඊට ආධාර අනුබල ලබාදුන් තැනැත්තන් කවුරුන්ද යන්න පිළිබඳව පූර්ණ විමර්ශනයක් ක්‍රියාත්මක බවයි පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Share This