
Aiden Markram දකුණු අප්‍රිකානු T20I නායකත්වයට
දකුණු අප්‍රිකානු ක්‍රිකට් T20I කණ්ඩායමේ නායකයා ලෙස Aiden Markram පත් කර තිබෙනවා.
ඒ අනුව මෙම මස අගදී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පැවැත්වීමට නියමිත T20I තරඟාවලියේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙහෙය වීමේ වගකීම ඔහුට හිමි වනු ඇති.
2014 වසරේ වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීම සඳහා 19 න් පහළ දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙසද Aiden Markram කටයුතු කර තිබෙනවා.