2021 A/L ප්‍රායෝගික පරීක්ෂණ ගැන සිසුන්ට පණිවුඩයක්

2021 A/L ප්‍රායෝගික පරීක්ෂණ ගැන සිසුන්ට පණිවුඩයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පෙනී සිටීමට නොහැකි වූ විභාග අපේක්ෂකයින් සඳහා නැවත ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසුවේ, උසස් පෙළ විභාගයේ ලිඛිත පරීක්ෂණය සඳහා පෙනී සිට එහෙත් ප්‍රායෝගික පරීක්ෂණයේ කොටසකට හෝ සම්පූර්ණ පරීක්ෂණයට පෙනී සිටීමට නොහැකි වූ සිසුන් වෙනුවෙන් එම පරීක්ෂණ පැවැත්වෙන බවයි.

ඒ අනුව ප්‍රායෝගික පරීක්ෂණ සඳහා සහභාගිවීමට නොහැකි වූ විභාග අපේක්ෂකයින් ලබන 10 වැනි දිනට පෙර ඊට ඉල්ලුම් කළ යුතුය.

ඒ සඳහා විභාග අංකය, නම, විෂය හා ඔබගේ දුරකතන අංකය 071815 6717 යන දුරකතන අංකයට Whatsapp කළ යුතු වනවා.

[email protected] යන විද්‍යුත් ලිපිනය හරහා ද ඒ සඳහා ඉල්ලීම් ඉදිරිපත් කල හැකි බව ද සඳහන්.

ලබන 10 වැනි දිනට පසුව ඉදිරිපත් කරන ඉල්ලිම් සඳහා අවස්ථාව නොලැබෙන බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා. 

Share This