20-20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා පළමු තරඟයට නැමීබියාව

20-20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා පළමු තරඟයට නැමීබියාව

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරඟය නැමීබියාව සමඟ පැවැත්වෙනවා.

ඒ අනුව එළඹෙන ඔක්තෝබර් මස 18 වන දා අබුඩාබි හිදී මෙම තරඟය පැවැත්වෙන බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය ඔක්තෝබර් මස 20 වන දා අයර්ලන්තය සමඟත්, තුන් වන තරඟය 22 වන දා නෙදර්ලන්තය සමගත් පැවැත්වෙනු ඇති.

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරඟය ඔක්තෝබර් මස 17 වනදා ඕමානය හා පැපුවානිව්ගිනියා කණ්ඩායම් අතර පැවැත්වෙනවා.

TAGS
Share This