T20 නීති සංශෝධනයක්

T20 නීති සංශෝධනයක්

නියමිත කාලය තුල පන්දු වාර ක්‍රියත්මක නොකිරිම වෙනුවෙන් වන දඩ නියම කිරීම පන්දුවාර 20 ක්‍රිකට් තරඟ සඳහාද හඳුන්වාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

මේ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ අංශ 03 සඳහාම එම නීතිය පවත්වාගෙන යාමටයි අයි.සී.සී.ය තීරණය කර ඇත්තේ.

මෙම මාසයේ සිට එම සංශෝධනය බලාත්මක වනු ඇති.

මීට අමතරව සිසිල් පැන් පානය වෙනුවෙන් වන විවේක කාලයන් සඳහා සංශෝධන හඳුන්වාදීමට ද අයි.සී.සී.ය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව සෑම ඉණිමක් අතරතුරදීම විනාඩි දෙක හමාරක අනිවාර්ය නොවන විවේක කාලයක් ලබාගත හැකියි.

කෙසේ වෙතත් ඒ සඳහා කණ්ඩායම් දෙකම එකඟවිය යුතුයි.

නව නීති යටතේ පළමු තරඟය ලබන 16 වනදා බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකාව අතර ජැමෙයිකා හිදී පැවැත්වීමට නියමිතයි.

TAGS
Share This