15 ට වැඩි දරුවන් එන්නත්කරණය 15 වනදා සිට

15 ට වැඩි දරුවන් එන්නත්කරණය 15 වනදා සිට

වයස 15 ට වැඩි පාසල් දරුවන්ට කොරෝනා මර්දන ෆයිසර් එන්නත ලබාදීම එළඹෙන 15 වන දින සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

කොවිඩ් 19 සම්බන්ධීකාරක සහ සෞඛ්‍යය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසුවේ විදුහල්පතිවරුන් මඟින් දරුවන්ගේ වාර්තා ලබා ගනිමින් පාසල් තුලදීම එන්නත ලබාදීම සිදුකරන බවයි.

ඒ එන්නත් ලබාදීමේදී සිදුවිය හැකි අක්‍රමිකතා වැළැක්වීම සඳහායි.

පාසල් දරුවන්ට එන්නත ලබාදීම කෙටි කලකින් අවසන් කිරීමට සැලසුම් කර ඇති බවද හෙතෙම කියා සිටියා.

පාසල් දරුවන්ට එන්නත් ලබාදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිලධාරීන් මේ දිනවල පුහුණු කරමින් පවතින බවද වෛද්‍ය අන්වර් හම්දානි මහතා ප්‍රකාශ කළා.

Share This