14 වනදායින් පසු සීමා ගැන තීරණය අද හෝ හෙට

14 වනදායින් පසු සීමා ගැන තීරණය අද හෝ හෙට

ලබන සඳුදා අලුයම හතරෙන් පසු දැනට පවතින සංචරණ සීමා ඉවත් කළද එය සිදුවන්නේ සීමාවන්ට යටත්ව බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු අනුගමනය කළ යුතු ඉදිරි වැඩපිළිවෙළ අද හෝ හෙට ප්‍රකාශයට පත් කරන බවයි.
සංචරණ සීමා ඉවත් කළ පසුව ද ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ක්‍රියා කළ යුතු වනවා.
ඒ අනුවයි ඊට අදාළ ඉදිරි වැඩපිළිවෙළ මෙලෙස අද හෝ හෙට ප්‍රකාශයට පත්කිරිමට නියමිතව ඇත්තේ.
මේ අතර ග්‍රාම නිලධාරී වසම් 26 ක් අද අලුයම සිට හුදෙකලා බවින් මුදා හැරුණා.
යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ හුදෙකලා බවින් ඉවත් කෙරුණ ද සංචරණ සීමාවලට යටත්ව අදාළ ප්‍රදේශවල කටයුතු සිදු කෙරෙන බවයි.

හුදෙකලා බවින් ඉවත් කෙරුණු ප්‍රදේශ අතරට සෙවණගල පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් 7 ක් හා වත්තල පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් 07 ක් හා දූනගහපිටිය පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් 02 ක්ද, ඊට අයත්.
ඊට අමතරව කින්නියා පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් 02 ක්, අගුණුකොලපැලැස්ස, ලිඳුල, කාත්තන්කුඩි, පානදුර දකුණ, වැලිවේරිය, මහබාගේ, දිවුලපිටිය සහ කඩවත යන පොලිස් වසම්වල එක් ග්‍රාම නිලධාරී වසම බැගින් අයත් වනවා.

Share This