ෆියෝනා සුළි කුණාටුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට

ෆියෝනා සුළි කුණාටුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට

පෝටො රීකෝ හා ඩොමිනිකන් රිපබ්ලික් රාජ්‍යයන්ට බලපා ඇති ෆියෝනා සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඩොමිනිකන් රිපබ්ලික් රාජ්‍යයට පැයට කිලෝමීටර් 185 ක ප්‍රබලත්වයෙන් ෆියෝනා සුළි කුණාටුව බලපෑ ඇති බව එරට කාළගුණ බලධාරීන් පවසනවා.

එම සුළි කුණාටුව 4 වන කාණ්ඩයේ ප්‍රබලත්වයකින් ඩොමිනිකන් රාජයයට බලපා ඇති අතර මෙතෙක් එරටට බලපෑ ප්‍රබලත්වයෙන් දෙවන සුළි කුණාටුව මෙය ලෙස ද සැලකෙනවා.

එරට මිනිස් ජීවිත 7 ක් පියෝනා සුළි කුණාටුව බිලිගෙන තිබෙනවා. මේ අතර ෆියෝනා සුළි කුණාටුව හේතුවෙන් පෝටො රීකෝ රාජ්‍යයේ සියයට 80 ට පමණ විදුලි බලය ඇණහිට ඇති බවයි වාර්තා වන්නේ.

Share This