
ළමා රෝහලේ කටයුතු සාමාන්‍ය පරිදි – රෝහල් අධ්‍යක්ෂ කියයි.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සේවයේ නිරත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමජික වෛද්‍යවරුන් පිරිසක් පැය 24 වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.
ඒ එම රෝහලේ සේවයේ නිරත කාන්තා විශේෂඥ වෛද්‍යවරියකගේ ක්‍රියාකලාපයකට විරෝධය දක්වමින්.
මේ හේතුවෙන් රෝහලේ බාහිර රෝගී අංශයේ කටයුතු බිඳවැටෙනු ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේ.
කෙසේවෙතත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් තමා දැනුවත් කර නොමැති අතර රාජ්‍ය සේවා කොමිසම විසින් පත් කල වෛද්‍යවරියක් ඉවත් කිරීමට හෝ ස්ථානමාරුවක් ලබා දීමට තමාට බලයක් නොමැති බවයි.
එමෙන්ම බාහිර රෝගී අංශයේ වෛද්‍යවරුන් සමඟ කරනු ලැබූ සාකච්ජාවකින් අනතුරුව රෝහලේ කටයුතු මේ වනවිට සාමාන්‍ය පරිදි සිදුවන බවයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා වැඩිදුරත් සදහන් කලේ.