හිට්ලර්ගේ නිවස මානව හිමිකම් පුහුණු මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කෙරේ

හිට්ලර්ගේ නිවස මානව හිමිකම් පුහුණු මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කෙරේ

ජර්මනියේ හිටපු ආඥාදායකයා වන ඇඩොල්ෆ් හිට්ලර් උපත ලද ඔස්ට්‍රියාවේ පිහිටි නිවස මානව හිමිකම් පුහුණු මාධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට යෝජනා වී තිබෙනවා.

ජර්මන් දේශසීමාව ආසන්නයේ පිහිටි මෙම නිවසේ ඉහළ මාලයේ 1889 වසරේදීයි හිට්ලර් උපත ලබා ඇත්තේ.

ඕස්ට්‍රීයානු රජය විසින් 2016 වසරේදී මෙම ගොඩනැගිල්ල රජයට පවරාගෙන ඇති අතර ඉදිරියේදී එය පොලිස් නිලධාරීන්ට මානව හිමිකම් සම්බන්ධයෙන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කිරීමට සැළසුම් කර තිබෙනවා.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇතැම් පාර්ශව මෙම ගොඩනැගිල්ල ඉවත් කළ යුතු බවට යෝජනා ඉදිරිපත් කර ඇති බවයි.

Share This