හිටපු ජනාධිපති ගැන රාජ්‍ය ඇමති දිලුම් කියන කතාව

හිටපු ජනාධිපති ගැන රාජ්‍ය ඇමති දිලුම් කියන කතාව

වත්මන් ජනාධිපතිවරයා වරදක් කර ඇත්නම් ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂා කිරීම බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් එය ආණ්ඩුවේ පැවැත්මට බලපාන්නේදැයි මාධ්‍යවේදීයෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මේ අතර 2019 වසරේ පැවති ජනාධිපතිවරණය අවසන්වී සතියක් ගතවීමටත් මත්තෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම පක්ෂය සමග ඇති කරගත් සන්ධාන ගිවිසුම කඩ කළ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත්‍රික් සමුළුවට එක්වෙමින්.

Share This