හිටපු ඇමති නිමල් – ජනපතිගෙන් පරීක්ෂණයක් ඉල්ලයි.

හිටපු ඇමති නිමල් – ජනපතිගෙන් පරීක්ෂණයක් ඉල්ලයි.

ජපාන සමාගමකින් අල්ලසක් ලබාගැනීමට උත්සාහ කළ බවට තමාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා ජනාධිපතිවරායගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම සඳහා තමන් අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වුණ බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය 5 වැනිදා පාර්ලිමේන්තුවේදී චෝදනා කර සිටියේ කැබිනට් අමාත්‍යවරයයෙකු ජපාන සමාගමකින් අල්ලසක් ඉල්ලා ඇති බවටයි.

විපක්ෂ නායකවරයා එවැනි ප්‍රකාශයක් සිදුකළ පසුබිමක කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පුළුල් කිරීමේ කටයුතු සිදුකරන ජපාන ‘තායිසේ’ නම් සමාගමකින් කොමිස් මුදල ඉල්ලා ඇති බවට සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණා.

Share This