හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට ඇප

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට ඇප

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මාස හයකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඇප මත මුදා හැර තිබෙනවා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේ රුපියල් ලක්ෂ 50 ක ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමටයි.

පාස්කු ඉරුදින ප්‍රහාරයේ සැකකරුවන් සමග සබඳතා පැවැත්වීමේ චෝදනාවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගෙන තිබුණේ පසුගිය අප්‍රේල් මස 21 වැනිදායි.

Share This