හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි අල්ලස් නඩුව ලබන 9 වනදා කැඳවන්නැයි නියෝග

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි අල්ලස් නඩුව ලබන 9 වනදා කැඳවන්නැයි නියෝග

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් 3 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති අල්ලස් නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ලබන මස 9 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කර තිබෙනවා.

අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබුනේ 2012 වසරේදී වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාවල යෙදවීම තුලින් අල්ලස් පනත යටතේ දූෂණ නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින්.

මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතාගේ ඉදිරියේ අද නඩුව කැඳවූ අවස්ථාවේදීයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.

Share This