හානි වූ ගොවිබිම් ගැන සමීක්ෂණයක්

හානි වූ ගොවිබිම් ගැන සමීක්ෂණයක්

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් හානි වූ ගොවිබිම් පිළිබඳ දීපව්‍යාප්ත සමීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා පැවසුවේ, හානි වූ වගාවන්ට යළි කාබනික පොහොර ලබා දීම ඇතුළු කරුණු මුල් කර ගනිමින් මෙම සමීක්ෂණය සිදු කරන බවයි.

අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්වල ගොවිබිම්වලට අධික වර්ෂාවෙන් දැඩි බලපැම් එල්ලවී ඇති බවටයි වාර්තා වන්නේ.

මේ අතර කෘෂිකර්මාන්තයේදි අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ සැලැස්මක් සකස් කර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර තිබෙනවා.

අධික වැසි සහිත තත්වය හමුවේ ගතයුතු අවදානම් කළමනාකරණ සැලසුම් ද ඊට ඇතුළත්.

වගා හානි වු ගොවීන් සඳහා ලබා දීමට උසස් තත්වයේ පරිසර හිතකාමී පොහොර ආනයනය කිරීමේ යෝජනා ද එහි දක්වා ඇති බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කළා.

කාබනික පොහොර භාවිතය හේතුවෙන් වගාවන් ට යම් හානියක් සිදුවන්නේ නම් හානිපූරණය කරන බවටයි රජය දන්වා ඇත්තේ.

ඒ අනුව කාබනික වගාවන් දිරිමත් කරන ලෙස විෂය භාර අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

TAGS
Share This