හරාරේ ක්‍රිකට් ක්‍රීඩිකාවන් තිදෙනෙකුට කොරෝනා

හරාරේ ක්‍රිකට් ක්‍රීඩිකාවන් තිදෙනෙකුට කොරෝනා

ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ සුදුසුකම් ලැබීමේ වටයට සහභාගී වීම සඳහා සිම්බාබ්වේ හරාරේ නුවරට ගොස් සිටින ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් අතුරින් තිදෙනෙකුට කොරෝනාා වෛරසය ආසාදනය වී තිබෙනවා.

එක් ක්‍රීඩිකාවකට සුලු‍ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමෙන් අනතුරුව කණ්ඩායමේ සියල්ලන් පරීක්ෂාවට ලක් කළ බවයි නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ.

එහිදී ක්‍රීඩිකාවන් තිදෙනෙකුට මෙලෙස කොරෝනා ආසාධිත බවට තහවුරු වී ඇති අතර ඔවුන් මේ වනවිට හුදකලා කර ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බව සඳහන්.

ලබන අගහරුවාදා නෙදර්ලන්තය සමග පැවැත්වෙන තරගයට පෙර යළිත් කණ්ඩායමේ සෙසු ක්‍රීඩිකාවන් කොරෝනා පරීක්ෂණයකට ලක් කිරීමට නියමිතයි.

Share This