හයිසින්ත් විජේරත්න වෙනුවෙන් ශලනි තැබූ සටහන

හයිසින්ත් විජේරත්න වෙනුවෙන් ශලනි තැබූ සටහන

කලා ක්ෂේත්‍රයේ කාගේත් ආදරයට ලක් වුණු ඉතාමත් දක්ෂ රංගන ශිල්පිනියක් තමයි හයිසින්ත් විජේරත්න කියන්නේ.

පසුගිය සිකුරාදා(30) ඇය නුවර එළිය ප්‍රදේශයේ ටෙලිනාට්‍යක රංගන කටයුත්තකට සහභාගී වීමෙන් පසු නැවත කොළඹ බලා පැමිණෙන අතරතුර නුවරඑළිය – තලවකැළේ මාර්ගයේදී සිදුවූ අනතුරකින් ඇය ගමන්ගත් මෝටර් රථය ප්‍රපාතයකට පෙරලීම නිසා ජීවිතක්ෂයට පත් වුණා.

ඇයගේ අභාවයත් සමඟ බොහෝ කලාකරුවන් ඇය පිළිබඳ ෆේස්බුක් හි සටහන් තබා ඇති අතර, මේ අප ඔබට ගෙන එන්නේ රංගන ශිල්පිණී ශලනි තාරකා හයිසින්ත් විජේරත්න මහත්මිය වෙනුවෙන් තැබූ සංවේදී සටහනයි.

ආදරණීය හයිසින්ත් ආන්ටි..

මේ ලියන කිසිවක් ඇස නොගැටුනත් ඔබ වෙනුවෙන් ලියා තබමි.

ඇය මට දර්ශනතල කිහිපයක මුනගැසුනත් වඩා සමීප වන්නේ 2014 වර්ෂයේ ආරම්භ කල ”‍වස්සානේ ප්‍රේමය”‍ ටෙලිනාට්‍යයේ අවුරුදු දෙකක් පුරාවට ”‍අස්ථාගේ මිත්තනිය”‍ ලෙස කල භූමිකාවෙනි. ඇය අප සියලු‍දෙනාටම වචනයේ පර්සමාප්ථ අර්ථයෙන්ම මිත්තණියකි ,මවකි.

දුටු හැමමොහොතකම දරැවෝ මගේ පුතේ යන ආදරණීය වචනයෙන් කටපුරා අමන්ත්‍රනය කිරීමට ඇය කිසිවිටෙක පසුබට නොවුනාය. ඒ වචන අව්‍යයාජය.. ඒ නිසා ඇගෙන් පසු පරපුර ඇයට ඉමත්සේ ආදරය කරයි. නිර්ලොබීව හැම දර්ශන තලයකටම බෙදාහරින ඇගේ ගෙවත්තේ ඵලදාව ඈ සමග රංගනයේ යෙදුනු කිසිවෙකුට අමතක වන්නේ නැත. ඔබ නිහඩව කෙරු පින් දහම් ඔබ සෙවු සැනසීම ලගකර දෙනු ඇත.

කිසිවෙකුගේ හිත නොරිදවු ඔබ ඔවුන්ගේ සිත් නොරිද්දා ඔබේ සිත රිදවාගෙන රෑ කරුවලේ නිහඩවම යන්න ගියාය. වගකිව යුත්තෝද නිහඩය.

කෙසේවෙතත් ඔබ අපට පසක් කරදුන් කාරණයනම් ඔවුන්ගේ නොසැලකිලිමත්කමින් ඔබ අප දිනක මියගියත්, කලාකරුවා යනු තව හුදෙක් වචනයක්ම පමණක් බවයි.

දිනෙක අප නැවත හමුවන තෙක් ආදරණීය හයිසින්ත් ආන්ටි ඔබ දෙව්මව්තුරුලේ සැතපේවා..

Share This