හම්බන්තොට වරාය බදු ගත් සමාගමෙන් කොළඹ වරායටත් ව්‍යාපෘතියක්

හම්බන්තොට වරාය බදු ගත් සමාගමෙන් කොළඹ වරායටත් ව්‍යාපෘතියක්

චයිනා මර්චන්ට් ගෲප් නමැති චීන සමාගම විසින් කොළඹ වරාය තුළ දැවැන්ත සැපයුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.

එම සමාගම නිවේදනය කළේ 2025 වර්ෂයේ දී නිම කිරීමට අපේක්ෂා කරන මෙම ව්‍යපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 392 ක් වැය වෙතැයි අපේක්ෂා කරන බවයි.

එය ආරම්භ කළහොත් දැනට අදාල සමාගම මෙරට තුළ සිදුකර තිබෙන ආයෝජනයන්ගේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 2 දක්වා ඉහළ යනු ඇති.

අනුනම අවුරුදු බදු පදනම යටතේ අමෙරිකානු ඩොලර් බිලියන 1 යි දශම 1 යි 2 කට හම්බන්තොට වරාය ලබා ගනු ලැබුවේ ද චයිනා මර්චන්ට් ගෲප් නමැති මෙම සමාගමයි.

Share This