
හඬපට යළිත් කරළියට – කථානායකගෙන් මන්ත්‍රීවරුන්ට අවවාද
ආහාර අර්බුදයක් පිළිබද සමාජය තුළ කතාබහට ලක්වීමත් සමඟ මෑත කාලීනව දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් එවැනි සිද්ධීන් කිහිපයක් අසන්නට ලැබුණා.
ඊයේ උදෑසන මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසලක සිසුවියක් දිවා ආහාරය සඳහා ළපටි පොල් රැගෙන ආ පුවත ඒ අතරින් ප‍්‍රධානයි.
මීට අමතරව විලච්චිය, තන්තිරිමලේ යන ප‍්‍රදේශවලින්ද පාසල් සිසුන් උදෑසන රැස්වීම්වල දී ක්ලාන්ත වී ඇද වැටුණු සිදුවීම් පිළිබඳ වාර්තා වුණා.
මේ පිළිබඳ අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.පී.එස්. කුමාරසිරි මහතා අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා.
කෙසේ වෙතත් අදාළ පැනයට පිළිතුරු ලබා දෙමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ, මිනුවන්ගොඩ පාසලක සිදු වූ එවැනි සිදුවීමක් පිළිබඳ කිසිඳු තොරතුරක් ලැබී නැති බවයි.
තමන් එම විදුහලේ විදුහල්පතිතුමියට කතා කළ බවත් කිසිඳු අවස්ථාවක එවැනි දරුවකු ක්ලාන්ත වූ සිද්ධියක් වාර්තා වී නැති බවත් සඳහන් කළ සෞඛ්‍ය අමාත්‍ය අමාත්‍යවරයා ඒ බව සනාථ කිරීම සඳහා අදාළ පාසලේ විදුහල්පතිතුමියගේ හඬපටියක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
එම අවස්ථාවේ අමාත්‍යවරයාට අවවාද කළ කථානායක මහින්ද යාපා අබේවර්ධන කියා සිටියේ මන්ත‍්‍රීවරුන්ට හැර වෙනත් කිසිවෙකුට පාර්ලිමේන්තුව ආමන්ත‍්‍රණය කළ නොහැකි බවයි.