සොබාදහමේ අපූරු නිමැවුම්.

සොබාදහමේ අපූරු නිමැවුම්.

සොබාදහම යනු සැබවින් ම විස්මිත නිර්මාණයක්.

එය සුන්දරත්වයෙන් අනූන වීමට අමතර ව විද්‍යාවෙන් පවා තවමත් පැහැදිලි කරගත නොහැකි වූ විස්මිත ස්ථාන, සංසිද්ධි හෝ ජීවින් පිළිබඳ ව ගුප්ත බවක් නිර්මාණය කරනවා.

සොබාදහමේ එවැනි අපූරු නිර්මාණ කිහිපයකුයි මේ

නිල් පාට ලාවා

ඉන්දුනීසියාවේ Kawah Ijen යමහල නිල්පැහැති ලාවා සහ වාෂ්ප නිකුත් කිරීම නිසා ලෝක ප්‍රසිද්ධ ස්ථානයක් වී තිබෙනවා.

ජාවා දුපතේ පිහිටා ඇති මෙහි ඇත්තේ සක්‍රීය, ගිනි ගන්නාසුලු සල්ෆර් වාෂ්ප පිටකරන යමහලක්. මේවා හඳුන්වන්නේ solfatara ලෙස යි.

ලොව පිරිසුදු ම ජලය ඇති ෆ්ලැට්හෙඩ් විල

ලොව විශාලත ම ස්වභාවික මිරිදිය ජලාශ අතරින් 79 වන ස්ථානය හිමි වන්නේ අමෙරිකාවේ උතුරු දෙසට වන්නට මොන්ටානා ප්‍රාන්තයේ පිහිටා ඇති ෆ්ලැට්හෙඩ් (Flathead Lake) විලට .

වර්ග කිලෝමීටර 500ක භූමි ප්‍රමාණයක් පුරා පැතිරී ඇති මෙම විල කිලෝමීටර 48ක් දිගින් සහ කිලෝමීටර 26ක් පළලින් යුක්ත වනවා.

සාමාන්‍යයෙන් මීටර 50ක් පමණ ගැඹුරු වන මෙම විලේ උපරිම ගැඹුර මීටර 113ක්.

පාට පාට ඉරි රටා වැටුණු ග්ලැසියර.

ග්ලැසියර කියනකොට අපේ මතකෙට එන්නේ සුදු පැහැ හෝ යාන්තමින් නිල් පැහැ ගත් යෝධ අයිස් කුට්ටි.

මේ නිසා ඇන්ටාක්ටික් කලාපය ම සුදු නිල් පැහැයක් ගන්නවා ඇතැයි අපට මවා ගන්න පුළුවන්.

නමුත් සමහර ග්ලැසියර කහ, දුඹුරු, කොළ වැනි වර්ණවත් රටා සහිතවත් හමුවෙනවා.

මහා නිල් සිදුර

කැරිබියන් මුහුදු කලාපය ලොව දර්ශනීය ම මුහුදු වෙරළ සහ දුපත්වලින් සමන්විත වෙනවා.

මධ්‍යම අමෙරිකාවේ නැගෙනහිර වෙරළබඩ පිහිටි බලීස් (Belize) රාජ්‍යයත් මායිම් වන්නේ මෙම කැරිබියන් මුහුදට යි.

බලීස් වෙරළට කිලෝමීටර 70ක් පමණ දුරින් කැරිබියන් මුහුදේ තද නිල් පැහැ වෘත්තාකාර සිදුරක් වැනි යමක් දැක ගන්න පුලුවන්.

මෙහි වෘත්තාකාර ස්වභාවය නිසා මහා නිල් සිදුර (Great Blue Hole) ලෙසින් මෙය හඳුන්වනවා.

වර්ග මීටර 70,000 කට වැඩි විශාලත්වයකින් යුත් මෙම සිදුර මීටර 314ක විශ්කම්භයකින් යුක්ත වන බවයි පැවසෙන්නේ.

Share This