සේවය අවසන් කළ  ඕමාන තානාපතිගෙන් සහතිකයක්.

සේවය අවසන් කළ ඕමාන තානාපතිගෙන් සහතිකයක්.

බලශක්ති, රැකියා සහ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් දෙරට අතර ද්විපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගැනීමට සහාය වන බව මෙරට ඕමාන තානාපති අහමඞ් අලි සයීඞ් අල් රෂ්ඩි පවසා තිබෙනවා.

ඒ මෙරට සේවය අවසන් කර දිවයිනෙන් පිටව යාමට පෙර අද කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේ දී යි.

ඕමාන රාජ්‍යයේ පුහුණු ක්ෂේත‍්‍රයේ රැකියා අවස්ථා වැඩිකර ගැනීමට මෙරටට සහාය වන ලෙස එහි දී ජනාධිපතිවරයා ඕමාන තානාපතිවරයාගෙන් ඉල්ලීමක් ද සිදුකළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

Share This