
සෙලීන් ඩියෝන් වේදිකාවට සමුදෙයි ද?
ලෝකප්‍රකට ජනප්‍රිය ගායිකාවක් වන සෙලීන් ඩියෝන් තමා සහභාගී වීමට නියමිත සියලුම ප්‍රසංග අවලංගු කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඇය දුර්ලභ ස්නායු ආබාධයකින් පෙළෙන අතර දුර්වල සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් මෙම අවලංගු කිරීම් සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.
2023 සහ 2024 වර්ෂ සඳහා නියමිත සියලුම සංදර්ශන හා සංචාර සෙලීන් ඩියෝන් අවලංගු කර ඇති අතර තම රසිකයින්ට එයින් සිදුවන අපහසුතාවය පිළිබඳ කණගාටුව පළ කර ඇය විසින් ට්විටර් සටහනක්ද තබා තිබෙනවා.
55 හැවිරිදි වියේ පසුවන සෙලීන් ඩියෝන් ලොවක් හඳුනන ගායිකාවක් බවට පත් වූයේ 1997 වසරේ තිරගත වූ “ටයිටනික්” සිනමාපටයේ තේමා ගීතය ගායනා කරමිනුයි.