සුමිත් රෝහණ කොරෝනා බිලි ගනියි

සුමිත් රෝහණ කොරෝනා බිලි ගනියි

සුමිත් රෝහණ තිත්තවැල්ලගේ මහතා කොරෝනා ආසාදනය වීම හේතුවෙන් අද දින ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කලක් පිළිකා රෝගයෙන් පීඩා විඳි ඔහු මිය යන විට ඒ මහතා 48 වන වියේ පසු වුණා.

චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු සහ තිර පිටපත් රචකයෙකු ලෙස ඔහු කලා ක්‍ෂේත්‍රයට කැපී පෙනෙන සේවාවක් ඉටු කළා.

පිංකෙත,සසර සුවහස්, සඳගිර, සපිරිවර, අරුණලු කිරණ, දඩකෙළි අරණ, රන්හිරු රැස් ආදි ටෙලි නාට්‍ය ගණනාවක අධ්‍යක්ෂවරයා වූයේ ද සුමිත් රෝහණ මහතායි. ‘සත් හිරු පායයි‘ ඔහු අවසන්වරට කළ ටෙලි නිර්මාණයයි.

Share This