සුබසාධන ප‍්‍රතිලාභ සදහා සුදුස්සන් තෝරා ගැනීමේ දිනය දීර්ඝ කෙරේ

සුබසාධන ප‍්‍රතිලාභ සදහා සුදුස්සන් තෝරා ගැනීමේ දිනය දීර්ඝ කෙරේ

සුබසාධන ප‍්‍රතිලාභ ගෙවීම සදහා සුදුස්සන් තෝරා ගැනීමේ වැඩ සටහනේ අවසන් දිනය අප්‍රේල් මස 10 වැනිදා දක්වා දීර්ඝ කිරිමට සුබසාධන ප‍්‍රතිලාභ මණ්ඩය තීරණය කර තිබෙනවා.

“ඇත්ත කියමු ඇත්තම අයට ප‍්‍රතිලාභ දෙමු” යන තේමාව යටතේ ක‍්‍රියාත්මක මෙම වැඩසටහන අද දිනයේ අවසන් වීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත් දිස්ත‍්‍රික් ලේකම්වරුන් හා ප‍්‍රාදේශිය ලේකම්වරුන්ගෙන් ලද ඉල්ලීම් සළකා බලා සංගණනය අවසන් කිරිමේ දිනය දීර්ඝ කිරිමට පියවරගත් බවයි එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

Share This