![“සුනාමි” යලිත් තිරයට[PHOTOS] “සුනාමි” යලිත් තිරයට[PHOTOS]](https://news24.lk/wp-content/uploads/2023/03/01Thumbnail-2023-03-31T140640.118.jpg)
“සුනාමි” යලිත් තිරයට[PHOTOS]
ආචාර්ය සෝමරත්න දිසානාය විසින් අධ්‍යක්ෂණය කළ “සුනාමි” සිංහල චිත්‍රපටය නැවතත් සිනමාශාලා වල තිරගත කිරීමට සැළසුම් කර තිබෙනවා.
මීට පෙර “සුනාමි” සිනමාපටය තිරගත කලත් රටේ ඇති වී තිබූ කෝවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් චිත්‍රපටය තිරගත කිරීම අතරමග නවතා දැමීමට චිත්‍රපට නිශ්පාදක කණ්ඩායම තීරණය කළා.
එලෙස අතරමග නවත දැමූ “සුනාමි” සිනමාපටය අප්‍රේල් මස 6 වනදා සිට නැවත තිරගත කිරීමට කටයුතු යොද තිබෙනවා.
2004 වසරේ මෙරටට බලපෑ සුනාමි ව්‍යසනයත් සමඟ අතුරුදහන් වූ දරුවෙකු වටා මෙම චිත්‍රපටයේ කතාව නිර්මාණය කර ඇති අතර එහි නිශ්පාදන කටයුතු සිදු කර තිබෙන්නේ රේණුකා බාලසූරිය විසිනුයි.
බිමල් ජයකොඩි, හිමාලි සයුරංගි. නිරංජනී ෂන්මුගරාජා සහ මෑතක අප අතරින් වියෝ වූ රංගන ශිල්පී දර්ෂන් ධර්මරාජ් “සුනාමි” හි චරිත නිරූණය කර තිබෙනවා.

