සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ දී මෙහෙකාරියක් මිය යාම ගැන විමර්ෂන CID යට

සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ දී මෙහෙකාරියක් මිය යාම ගැන විමර්ෂන CID යට

ප‍්‍රකට ටෙලිනාට්‍ය නිෂ්පාදකවරියක් හා ව්‍යාපාරිකාවක් වන සුධර්මා නෙත්තිකුමාර මහත්මියගේ නිවසේ සේවය කළ මෙහෙකාරිය වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මියයාමේ සිද්ධියට අදාළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන ආරම්භ කළ බවයි CID ය අධිකරණයට දැනුම් දී ඇත්තේ.

නිවසේ සිටි ගෘහ සේවිකාව විසින් රන් මුදුවක් සොරාගෙන ගොස් ඇති බවට සුධර්මා නෙත්තිකුමාර මහත්මිය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ප‍්‍රදේශවාසීන් විසින් මෙම කාන්තාව අල්ලා වැලිකඩ පොලිසියට භාර දී තිබුණේ පසුගිය 11 වැනිදායි.

බදුල්ල ප‍්‍රදේශයේ පදිංචි එම කාන්තාව පොලිස් අත්අඩංගුවේ සිටිය දී ඇතිවූ වේදනාවක් හේතුවෙන් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටිය දී මිය ගොස් තිබුණා.

Share This