සිසුන් එන්නත්කරන වැඩසටනෙන් ගුරු විදුහල්පතිවරුන් ඉවත්වෙයි

සිසුන් එන්නත්කරන වැඩසටනෙන් ගුරු විදුහල්පතිවරුන් ඉවත්වෙයි

උසස් පෙළ සිසුන්ගේ එන්නත්කරණ වැඩසටහන සදහා තමන් ඍජු මැදිහත්වීමක් සිදු නොකරන බව ගුරු විදුහල්පති සංගම් පවසනවා.

එම වෘත්තිය සමිති සදහන් කළේ දරුවන් දැනුවත් කිරීම හා අවශ්‍ය නාමලේඛන සැපයීම පමණක් සිදු කිරීමට ගුරු විදුහල්පතිවරු සූදානම් බවයි.

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින කොළඹ දිස්ත්‍රික්කයේ අධ්‍යාපාන කොට්ඨාසයේ පාසල්වල උසස් පෙළ සිසුන් සදහා ෆයිසර් එන්නත ලබාදීම හෙට සිට ආරම්භ කෙරෙනවා.

එම කටයුතු පිළිබද අදහස් දක්වමින් ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මේ බව සඳහන් කළා.

මේ අතර ගුරු සංගම් සහ අධ්‍යාපන ලේකම්වරයා අතර සාකච්ඡාවක් අද පැවැවීමට නියමිතව තිබෙනවා.

එහිදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටළු රැසක් පිළිබඳ ලේකම්වරයාගේ අවධානය යොමු කිරීමට නියමිත බවයි ගුරැ විදුහල්පති වෘත්තීය සමිති පැවසුවේ.

Share This