සිරකරුවන් 244 ක් හෙට නිදහස්

සිරකරුවන් 244 ක් හෙට නිදහස්

හෙටට යෙදී ඇති වෙසක් පුර පසලොස්වක පොහොය දිනය නිමිත්තෙන් ජනාධිපතිතුමා විසින් පිරිනමනු ලබන විශේෂ රාජ්‍ය සමාව යටතේ සිරකරුවන් 244 දෙනෙකුට නිදහස හිමි වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

ආණුඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය ප‍්‍රකාරව ජනාධීපතිවරයාට පැවරී ඇති බලතල අනුවයි ඔවුන් නිදහස හිමිවන්නේ.

කාණ්ඩ 4 ක් යටතේ අදාළ සිරකරුවන් තෝරාගැනීම සිදු කරනු ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා කියා සිටියේ.

Share This