
සියලු සහතික ලැබී ඇතැයි ඇමති අලි සබ්රි කියයි
ශ්‍රී ලංකාව වාසනාවන්ත අතර ශ්‍රී ලංකාවට හොද මිතුරන් සිටින බවත් සියලු සහතික ලැබී ඇති බවත් විදේශ අමාත්‍යාංශයේ අලි සබ්රි අද පෙරවරුවේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසනවා.
මේ අතර චීනයේ අපනයන-ආනයන බැංකුව හරහා ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනය සහයෝගය ලබා දෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලිඛිතව දැනුම් දී ඇති බව සදහන්.
Read More – IMFමුල්‍ය සහනයට චීන බාධකය ඉවත් වෙයි
එම ට්විටර් පණිවිඩයේ දළ අදහස මෙසේයි.
අර්භුදකාරී අවස්ථාවක ශ්‍රී ලංකාවට හොඳ මිතුරන් සිටීමට තරම් අප වාසනාවන්ත වෙමු.සියලූ සහතික සමග අපට ඉදිරියට යා හැකියි. නොපසුබට උත්සාහයෙන් සහ ඉවසීමෙන් අපට වෙනස්කම් කළ හැකියි.
එම ට්විටර් පණිවුඩය පහතින්.
Sri Lanka is fortunate to have caring and considerate friends to standby during these turbulent times. With all the assurances in place we are good to go.
— M U M Ali Sabry (@alisabrypc) March 7, 2023
Through hard work , perseverance and patience we can make a difference.
🇱🇰can – 🇱🇰will!