
සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් රැසක් පෞද්ගලික අංශයට
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් 1250 න් කොටසක පාලනය පෞද්ගලික සමාගම්වලට ලබාදීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව කියා සිටියේ ලංකා ඛණිජ තෙල් සංස්ථාව පාලනය කරන ඉන්ධන පිරවුම්හලින් කොටසක් වෙනත් පෞද්ගලික සැපයුම්කරුවන් වෙත ලබාදීමේ වැඩපිළිවෙලේ ප‍්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා පැවැති රැස්විමේදීයි.
ඒ සඳහා සමාගම් 24 ක් ටෙන්ඩර් ඉදිරිපත් කර ඇති අතර ඉන් තෝරාගනු ලබන සුදුසුකම් ලත් සමාගම් සඳහා ලබන නොවැම්බර් මාසයේ සිට මෙලෙස පිරවුම්හල් ලබා දීමට නියමිතයි.
එම සමාගම්වලට ඉන්ධන ආනයනය කිරීමට, ඉන්ධන බෙදාහැරීමට සහ ඉන්ධන අළෙවි කිරීමට බලය ලබාදීමට නියමිත බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මෙම සාකච්ඡාවේ දී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.