
සිත 88.8 සම්මානයෙන් පිදුම් ලබයි
සිත 88.8 ගුවන්විදුලිය ක්‍රීඩා සාහිත්‍ය වෙනුවෙන් කුසලතා සහතිකයකින් පිදුම් ලැබුවා.
ඒ සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙලේ දී.
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සංවිධාන කළ උළෙල ඊයේ පස්වරුවේ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනේ ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශ්‍රවනාගාරයේදී.
වසරේ – ක්‍රීඩා සාහිත්‍ය ගුවන්විදුලි කුසලතා සහතිකය එහිදී සිත 88.8 ට පිරිනැමුණේ ස්පෝර්ට්ස් ෆෝකස් වැඩසටහන වෙනුවෙන්.
ස්පෝර්ට්ස් ෆෝකස් වැඩසටහන සෑම සෙනසුරාදා දිනකම දහවල් ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයෙන් පසු පස්වරු 2 දක්වා සිට විකාශය කෙරෙනවා.
