සිංහ – කැන්ගරු තීරණාත්මක තරඟය අද

සිංහ – කැන්ගරු තීරණාත්මක තරඟය අද

ඔස්ටේ‍්‍රලියාව සමග ක‍්‍රියාත්මක එක්දින ක‍්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරඟය අද පැවැත්වෙනවා.

ඒ කොළඹ ආර්. පේ‍්‍රමදාස ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ දීයි.

අද තරඟය සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක කුසල් මෙන්ඩිස්ට සහභාගී වීමේ හැකියාවක් පවතින බවයි ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරී දමින්ද අත්තනායක මහතා සඳහන් කර ඇත්තේ.

ජාත්‍යන්තර ක‍්‍රිකට් වෙබ් අඩවියකට අදහස් දක්වමින් ඔහු මේ බව තහවුරු කර තිබෙනවා.

දෙරට අතර පැවති තුන්වැනි එක්දින තරඟය අතරතුර දී මෙන්ඩිස් සුළු ආබාධ තත්වයකට ලක්වීම හේතුවෙන් පිටියෙන් ඉවත් වන විට පන්දු 85 ක් තුළ නොදැවී ලකුණූ 87 ක් රැස් කර සිටියා.

මේ අතර ආබාධයකට ලක්ව සිටින ධනුෂ්ක ගුණතිලක හට අද තරඟය ද අහිමිවන බවයි වාර්තාවන්නේ.

ආබාධයකට ලක්ව සිටින වනිඳු හසරංගගේ තත්ත්වය ක‍්‍රමයෙන් යහපත් අතට පත්වන බවත් අද තරඟය සඳහා ඔහුගේ සහභාගීත්වය අත්‍යවශ්‍ය වුවහොත් ඒ සම්බන්ධයෙන් යම් තීරණයක් ගන්නා බවත් වෛද්‍ය දමින්ද අත්තනායක මහතා ප‍්‍රකාශ කළා.

තරඟය අද පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතයි.

මේ අතර අද පැවැත්වෙන තරඟය ජය ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් වුවහොත් තරඟාවලියේ තවත් තරඟයක් ඉතිරිව තිබියදීම තරඟාවලිය ජය ගැනීම හැකියාව ලැබෙනු ඇති.

එය වසර 31 කට පසු ඔස්ට්‍රේලියානුවන්ට එරෙහිව සිය මව්බිමේ දී ශී‍්‍ර ලංකාව ලබා ගන්නා තරඟාවලි ජය වනු ඇති.

Share This