සිංහ – කැන්ගරු තරඟයේ දී පාරට වැටුණු පන්දුවට මොකද වුණේ ?

සිංහ – කැන්ගරු තරඟයේ දී පාරට වැටුණු පන්දුවට මොකද වුණේ ?

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවති ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟයේ දෙවන දිනය වූ ඊයේ (30) ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකු එල්ල කළ හයේ පහර නිසා තරඟය සුලු වේලාවකට නතර කිරීමට සිදු වූ බව වාර්තා වනවා.

ඒ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පැට් කමින්ස් විසින් එල්ල කළ හයේ පහර ක්‍රිඩාංගණයෙන් පිටතට ඇදී යෑම හේතුවෙන්.

පිටිය අසළ මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු විසින් එම පන්දුව ඔහුගේ සාක්කුවේ දමාගෙන යන බවට සමාජ මාධ්‍යයන් හි සටහන් පළ වී තිබුණා (නමුත් එලෙස සටහන් වූ වීඩියෝවක් මෙතෙක් ලැබී නැහැ) .

කෙසේ වෙතත් එම අවස්ථාවේ දී පැවැති අයහපත් ආලෝක තත්ත්වය නිසා තරඟය නතර කළ බවයි විස්තර විචාරකයින් පසුව සදහන් කළේ.

සමාජ මාධ්‍යයන්හි පළ වූ සටහනක් පහතින්,

Share This