
සිංහයන්ට එරෙහිව කිවියන්ගෙන් පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
ශ්‍රී ලංකාව සමග පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය දෙකට බිංදුවක් ලෙස ජයග‍්‍රහණය කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.
ඒ වෙලින්ටන් හි දී අද අවසන් වූ දෙවැනි ටෙස්ට් තරගය ඉනිමක සහ ලකුණු 58 කින් ජයග‍්‍රහණය කරමින්.
මෙම තරගයේ මුලින් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුලූ 04 ක් පමණක් දැවී ලකුණු 580ක් ලබා ගත්තා.
හෙන්රි නිකොලොස් සිය පළමු ද්විත්ව ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 200 ක් ලබා ගත් අතර නායක කේන් විලියම්සන් ලකුණු 215ක් ලබා ගත්තා.
ඊට පිළිතුරු ලෙස පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලූ දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 164ක් පමණයි.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක දිමුත් කරුණාරත්න පමණක් ලකුණු 89 ක් රැස් කළා.
ඒ හේතුවෙන් සිය දෙවැනි ඉනිම ආරම්භ කිරීමට සිදු වූ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලූ දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 358ක් පමණයි.
හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා ලකුණු 98 ක් ලබා ගත්තා.
මේ අනුව ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ජය නවසීලන්තයට හිමි වූ අතර තරගයේ වීරයා ලෙස හෙන්රි නිකොලොස් සම්මාන දිනා ගත්තා.
තරගාවලියේ වීරයා වූයේ නවසීලන්ත නායක කේන් විලියම්සන්.