සැමියාගේ ආදරය ඔබේම පමණක් කරගන්නේ කොහොමද.

සැමියාගේ ආදරය ඔබේම පමණක් කරගන්නේ කොහොමද.

විවාහයෙන් පස්සේ ගොඩක් කාන්තාවන් චෝදනා කරන්නේ තමන්ගේ සැමියාගේ ආදරය ඉස්සරට වඩා දැන් අඩුවෙලා කියලා. ඉතින් ඒ අඩුයි කියලා හිතන ආදරේ වැඩිකරගන්න පුලු‍වන් ක්‍රම එහෙමත් නැත්නම් ඔබේ සැමියාගේ ආදරය ඔබ කෙරෙහි තබා ගැනීමට උපදෙස් 5ක් තමයි අද අපි මේ ලිපියෙන් කියන්න හදන්නේ.

1. ඔබේ අවධානය යොමු කරන්න
තමන්ගේ බිරිද ඔහුට අවධානය දෙනවට, ආදරෙන් බලාගන්නවට, හොදින් සළකනවට සැමියන් බොහෝ කැමතියි. ඒ නිසා ඔබේ සම්පූර්ණ අවධානය ඔහුට යොමු කරන්න​. ඔබේ සැමියා වැඩ නිමවී ගෙදර ආ පසු ඔහුව ආදරෙන් වැළද ගෙන සිපගන්න. ඒ වගේම ඔබට ඔහු ලැබීම විශාල වාසනාවක් බව නිතර පවසන්න.

2. ගැටලු‍වලදී ඉවසීමෙන් විසඳුම් සොයන්න

සබදතාවකදී ගැටලු‍ ඇතිවීම සාමාන්‍ය දෙයක්. නමුත් ඔබ එයට මුහුණ දෙන ආකාරය ගැන සැළකිලිමත් විය යුතූයි. ප්‍රශ්නයකදී එකිනෙකාට චෝදනා කරමින් තව තවත් රණ්ඩු වෙනවා වෙනුවට ඉවසීමෙන් ප්‍රශ්නයට විසදුම් සොයාගන්න​. මෙහිදී ඔබගේ ඒ පරිණත හැසිරීම ඔබේ සබදතාව ආරක්‍ෂා කරනවා පමණක් නොව සැමියාගේ හිත දිනාගැනීමටත් හැකි වෙනවා.

3. දෙදෙනා එකට කාලය ගත කරන්න

කාර්‍යබහුල ජීවිතයත් සමග ඔබ දෙදෙනාට එකට කාලය ගත කරන්න ලැබෙන අවස්ථා අඩුවෙන්න පුලු‍වන්. ඒත් ලැබෙන කාලයෙන් හෝ විශේෂ කාලයක් වෙන්කරගෙන දෙදෙනාට එකට කාලය ගත කරන්න. ඔහු ලගින් වාඩි වී ආදරණීය කතාවක යෙදෙන්න. විවාහයට පෙර පෙම්වතුන්ව සිටි කාලයේ ආදරණීය මතකයන් නැවත සිහිපත් කරන්න. හැකිනම් ගෙදරදීම ප්‍රියජනක රාත්‍රී කෑම වේලක් පිළියෙල කරගෙන ආදරය බෙදාගන්න.

4. ලස්සනට අඳින්න

තමන්ගේ සුන්දරත්වය කැපී පෙනෙන ආකාරයට ලස්සනට අඳින්න. මෙහිදී සැමියා පුදුම වන ආකාරයේ අනුරාගි ඇදුමකින් හා ඔහු කැමතිම සුවද විලවුන් එකක් භාවිතා කරන්න. එමගින් ඔහුගේ අවධානය ඔබ වෙතම තියනවා පමණක් නොව ඔහුගේ ඇස් ඔබෙන් ඉවතට නොයාවි. ඒ නිසා සැහැල්ලු‍වෙන් පහසුවෙන් ඉන්න ඇති කැමැත්ත නිසා සැහැල්ලු‍ ඇඳුමක් ඇදගෙන ඉන්න උත්සාහ කරන්න එපා.

5. ඔහුට තෑග්ගක් දෙන්න

ඔබේ සැමියාට සරල තෑග්ගක් දෙන්න. ඔහු කන්න කැමති කෑමක් හදලා දෙන්න. එය ඔහුගේ දවසම සතූටෙන් තබන්න හේතුවක් වේවි. ඊට අමතරව ඔහු කැමති යම් යම් දේවල් තෑගිකර ඔහුව පුදුම කරන්න.

නිසැකවම ඔහුට ඔබ ගැන ආදරය වැඩි වේවි..

TAGS
Share This