සැප්තැම්බර් 11 ප්‍රහාරයේ විමර්ශන වාර්තා ලිපිගොනුවක්

සැප්තැම්බර් 11 ප්‍රහාරයේ විමර්ශන වාර්තා ලිපිගොනුවක්

2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා අමෙරිකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන වාර්තා ලිපිගොනුවක් ප්‍රථම වරට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ගුවන් යානා පැහැරගත් 19 දෙනාගෙන් 15 දෙනෙකුම සෞදි ජාතිකයින් වීම හේතුවෙන් ප්‍රහාරය සම්බන්ධයෙන් සෞදි බලධාරීන් දැනුවත් වී සිටි බවට චෝදනා එල්ල වුණා.

ප්‍රකාශයට පත්කර ඇති විමර්ශන වාර්තාවේ ප්‍රහාරයට සම්බන්ධ සෞදි ජාතිකයින්, සෞදි අරාබියේ සිටින ඔවුන්ගේ සඟයින් අතර සිදුවූ සංවාද ද ඇතුළත්.

කෙසේ වෙතත් ප්‍රහාරයට සෞදි රජයේ සම්බන්ධයක් පැවති බවට එහිදී කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වී නැහැ.

අදාළ විමර්ශන ලිපිගොනු ප්‍රකාශයට පත් නොකර ත්‍රස්ත ප්‍රහාරයේ විසිවන අනුස්මරණ උත්සවවලට සහභාගි නොවන ලෙස ප්‍රහාරයෙන් විපතට පත් පවුල්වල සාමාජිකයින් අමෙරිකානු ජනපතිවරයාගෙන් ඉල්ලීමක්ද කර තිබුණා.

TAGS
Share This