
සාහිත්‍යවේදී ජයකොඩි සෙනෙවිරත්නයන් අභාවප්‍රාප්ත වෙයි
රාජ්‍ය සම්මාන ලාභී ප්‍රවීණ ගත්කතුවරයෙකු වූ ප්‍රවීන සාහිත්‍යවේදී ජයකොඩි සෙනෙවිරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 86 වැනි වියේ පසු වුණා.
ඒ මහතා කෙටිකතාකරුවකු ලෙස ලේඛන දිවිය ආරම්භ කළ අතර ජනාදරය දිනූ නවකතා මෙන්ම තවත් කෘති රාශියක් රචනා කරනු ලැබුවා.
ඔහුගේ ප්‍රථම නවකතාව ලෙස දැක්වෙන්නේ ‘ආදර ගඟ ගලන දෑස’ යන නවකතාවයි.
ඔහු විසින් රචනා කළ කෘතීන් අතරට සිත්තරෙකුට පෙම් බැඳ, දෙමස්සිනෝ, මිහිඳුම් සළු, රන තිසරු, නොමැරෙන මිනිස්සු, සොල්දර ගෙදර, අග මෙහෙසිය, කුමාරිහාමි, වක්කලම, පටලැවිල්ල, වජිරපාණි, රූමතිය, බකිනි මල, රන් තරුව, පංචකල්‍යාණි, සුන්දර සහ දේවින්ද, පිනි පලස, ස්වරණ වර්ණ සහ උරචක්‍රමාලය යන කෘතීන් සුවිශේෂි ස්ථානයක් ගනු ලබයි.
1984 වසරේ දී ඔහු විසින් රචිත “කුමාරි හාමි”නව කතාව සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මානය ද හිමි වූ අතර කුමාරි හාමි ටෙලි නාට්‍යයට පාදක වූයේ ද මෙම නවකතාවයි.
නොමැරෙන මිනිස්සු, කස්තිරස, නිකිණි වැස්ස , දහස්ගව්දුර (සහෝදරයෙක්) ටෙලි නාට්‍යයට නැගූ ඔහුගේ නවකතාවන් වීම විශේෂත්වයක්.
1936 වසරේ මාර්තු මස 20 වැනිදා ඔහු උපත ලැබූ ඔහු කළුතර රජයේ පාසැලේ මූලික අධ්‍යාපනය ලබා ඉන්පසු බෝඹුවල බෞද්ධ මිශ්‍ර පාසලෙන් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත්ව කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා තිබෙනවා.