සාලි ගේ පෙත්සම සලකාබැලීමට දින නියම කෙරේ

සාලි ගේ පෙත්සම සලකාබැලීමට දින නියම කෙරේ

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා සිටින බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීම සඳහා දින නියම කර තිබෙනවා.

ඒ අනුව එම පෙත්සම ලබන මස 4 වන දා කැඳවන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළේ.

අසාද් සාලි මහතාගෙ නීතිඥවරු විසින් ඉදිරිපත්කළ පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

පසුගිය මාර්තු මස 9 වනදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ අසාද් සාලි මහතා වාර්ගික සුහදත්වයට හානිකර ප්‍රකාශ සිදුකල බවට චෝදනා කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

රැදවුම් නියෝග අවසන් වීමෙන් පසුව ඔහු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර කල අතර මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව පසුවනවා.

Share This