
සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය අද
2019, 2020, 2021 සහ 2022 වර්ෂවල 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් පැවැත්වෙන සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය අද දිනයේ පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව අද පෙරවරු 09 සිට මධ්‍යහ්න 12 යි 10 දක්වා විභාගය පැවැත්වෙනු ඇති.
විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3269ක දී මෙම විභාගය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි.
මෙම විභාගය සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමට නොහැකි වූ පාසල්වල අයදුම්කරුවන් සඳහා මෙම වසරේ 12 වැනි ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් පැවැත්වීමට නියමිත සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය සඳහා තම පාසල් මගින් අයදුම්පත් යොමු කිරීමට අවස්ථාව පවතින බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කළා.