ස්වීඩන් පළමු අගමැතිනිය ධූරය අතහරී.

ස්වීඩන් පළමු අගමැතිනිය ධූරය අතහරී.

ස්වීඩනයේ ප්‍රථම කාන්තා අග්‍රාමාත්‍යවරිය ලෙස පත් වු මැග්ඩලීනා ඇන්ඩර්සන් පැය කිහිපයකට පසුව සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ ස්වීඩන් පාර්ලිමේන්තුව වෙත ඇය ඉදිරිපත් කළ අයවැය පරාජය වීම හේතුවෙන්.

ඇන්ඩර්සන්ගේ සභාග පක්ෂය ද අය වැය සඳහා ඡන්දය ප්‍රකාශ කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් තමන් තනි පක්ෂයක් ලෙස ඉදිරිපත් වී අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව මැග්ඩලීනා ඇන්ඩර්සන් සඳහන් කර තිබෙනවා.

54 හැවිරිදි ඇය එරට පළමු අගමැතිනිය ලෙස පත්වී එම ධූරයේ කටයුතු කර ඇත්තේ පැය 12 කටත් අඩු කාලයක්.

Share This