ස්පුට්නික් එන්නත් මාත්‍රා හැටපන් දහසක් අද දිවයිනට

ස්පුට්නික් එන්නත් මාත්‍රා හැටපන් දහසක් අද දිවයිනට

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා 65,000 අද දිනයේ මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.
අදාළ එන්නත් ලැබුණ පසු කඩිනමින් ඒවා තෝරාගත් කණ්ඩායම්වලට ලබාදීමට සැලසුම් කර ඇති බවයි හෙතෙම කියා සිටියේ.
මේ අතර ස්පුට්නික් එන්නත මෙරට දී නිපදවීමට සහය ලබා දෙන බවට රුසියාව මේ වන විටත් ප්‍රකාශ කර තිබෙනවා.
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 2,00000 ක තොගයක්ද මේ සතියේදී මෙරටට ලැබීමට නියමිතයි.
සයිනොෆාම් එන්නත් මාත්‍රා 1,00000 ක තොගයක් පසු ගිය 6 වැනිදා ද තවත් 1,00000 පසු ගිය 9 වනදා ද මෙරටට රැගෙන එනු ලැබුවා.
මේ අතර ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ඕස්ට්‍රේලියාවෙන්ද ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ පිළිබඳ ධනාත්මකව සළකා බලන බවයි එරට විදේශ අමාත්‍ය මරිස් පේන් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට සහතික වී ඇත්තේ.
දෙපාර්ශවය අතර පැවති දුරකථන සංවාදයකදී මෙම අදහස් පළ වී තිබෙනවා.

Share This