ස්පාඤ්ඤයේ අධික උෂ්ණත්වයෙන් 500කට ආසන්න පිරිසක් මරුට.

ස්පාඤ්ඤයේ අධික උෂ්ණත්වයෙන් 500කට ආසන්න පිරිසක් මරුට.

ස්පාඤ්ඤයේ පවතින අධික උෂ්ණාධික කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 500කට ආසන්න වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය ජුලි මස 09 වනදා සිට මේ දක්වා එම මරණ වාර්තා වී ඇති අතර එම මරණ සංඛ්‍යාව උෂ්ණාධික කාළගුණ තත්වයක් තුළ ස්පාඤ්ඤයෙන් වාර්තා වූ වැඩිම මරණ ගණන බව ද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසනවා.

ස්පාඤ්ඤයේ මේ මස මුල සිට අධික උෂ්ණත්වයක් පවතින අතර ඒ හේතුවෙන් එරට දෛනික කටයුතු සදහා ද දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.

ශරීර දුර්වලතා මට්ටමේ සහ විවිධ නිදන්ගත රෝග සහිත පුද්ගලයින් අධික උෂ්ණත්වය දරාගත නොහැකිව මියගොස් ඇති බව සදහන්.

Share This