සහෝදරත්වයේ දෑත දිගු කරන “සංහිඳ අභිමුව” බහු සංස්කෘතික කඳවුර සාර්ථකව නිමා වෙයි[PHOTOS]

සහෝදරත්වයේ දෑත දිගු කරන “සංහිඳ අභිමුව” බහු සංස්කෘතික කඳවුර සාර්ථකව නිමා වෙයි[PHOTOS]

“සංහිඳ අභිමුව” බහු සංස්කෘතික කඳවුර -2022 ඊයේ (19) දින මාතර නූපේ රුහුණු සංස්කෘතික මධ්‍යස්ථාන පරිශ්‍රයේදීි ඉතා සාර්ථකව පැවැත්වී තිබෙනවා.

ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලයේ පූර්ණ අධීක්ෂණය හා මෙහෙයවීම යටතේ සර්වාගමික පුජක පක්ෂය ප්‍රමුඛත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම්/දිසාපති නීතඥ වයි. වික්‍රමසිරි මැතිතුමා සහ ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලය අධ්‍යක්ෂ ජනරාල් දීප්ති ළමාහේවා මැතිතුමා, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් තුෂාරි සංජීවනී සූරියආරච්චි මැතිණිය සහකාර අධ්‍යක්ෂ එච්. එස්. ලක්මාල් සහ ටී.ජී.එස්.කේ කුමාර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මුලතිව්, අම්පාර, මාතර තරුණ කණ්ඩායම්වල සහභාගීත්වයෙන් මෙම සංස්කෘතික කඳවුර පැවැත් වුණා.

ශ්‍රී ලාංකික විවිධත්වයට ගරු කරන අනාගත පරපුරක් බිහිකිරීම මුඛ්‍ය අරමුණ කරගත් මෙම වැඩසටහනට මුලතිව්, අම්පාර ආදී උතුරු හා නැගෙනහිර පළාත් වල සමාජ ක්‍රියාකාරීන් හා විශ්වවිද්‍යාල සිසුන් ආරාධනා ලැබ සහභාගී වන්නේ සිය සංස්කෘතික අනන්‍යතාව රැගෙන සහෝදරත්වයේ දෑත දිගුකිරීමටයි.

එහි කූඨප්‍රාප්ථිය ලෙස සනිටුහන් වූ මෙම වැඩසටහනේදී ජාතික සමගිය වෙනුවෙන් කැපවී කටයුතු කළ පිරිස් හා ආයතන අභිසෙස් ගැන්වීම හා සම්මාන ප්‍රදානයද සිදු කරනු ලැබුවා.

විවිධ ආහාර සංස්කෘතීන් හඳුන්වාදීම සහ අනුභවයට අවස්ථාව සලසා තිබීමත්, සාමය තේමා කර ගත් ගීත රසවින්දන වැඩසටහන්, චිත්‍රපට ප්‍රදර්ශනය හා සංවාද, සියලු සංස්කෘතීන්ට අයත් නර්තන, ගායන සහ වාදන ඉදිරිපත් කිරීම මෙන්ම සංහිද අභිමුව වැඩසටහනට සමගාමීව පැවැත්වුණූ චිත්‍ර ප්‍රදර්ශනයේ ජයග්‍රාහකයින්ට ත්‍යාග පිරිනැමීම, මිශ්‍ර කණ්ඩායම් ක්‍රියාකාරකම් සිදු කිරීම ඇතුළු අංග රැසක් මෙහිදී ඉදිරිපත් ක‍ර තිබෙනවා.

ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලය, මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, එක්වෙමු ලංකා ආයතනය, VOICE OUR TALENT ආයතනයවල ඒකාබද්ධ වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක වූ අතර රුහුණු විශ්වවිද්‍යාලයල ප්‍රතිභා මාධ්‍ය ජාලය, ජෝන් කීල්ස් සමාගමේ ගාල්ල ශාඛාව ද මේ සඳහා සම්බන්ධ වූ ආයතන වනවා.

Share This