සර්ව පාක්ෂික හවුලකට එකඟ නැහැ – ෆොන්සේකාගෙන් ප‍්‍රකාශයක්

සර්ව පාක්ෂික හවුලකට එකඟ නැහැ – ෆොන්සේකාගෙන් ප‍්‍රකාශයක්

සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීම ප‍්‍රයෝජනවත් නොවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

පවතින ගැටළුවලට එය විසඳුමක් ලෙස තමා නොදකින අතර අවශ්‍ය වන්නේ වර්තමානයේ රට සහ ජනතාව මුහුණ දී ඇති ප‍්‍රශ්නවලට කඩිනම් විසඳුම් සෙවීම පමණක් බවයි සරත් ෆොන්සේකා මහතා පෙන්වා දෙන්නේ.

මේ අතර කැරැල්ලක් නිර්මාණය වුවහොත් එය මැඩ පැවැත්විය හැක්කේ මර්දනයකින් පමණක් බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කලේ අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ නෙළුම් මාවත පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්.

රට වෙනුවෙන් ඉටුකරන යහපත් කාර්යයන් වෙනුවෙන් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාට උපරිම සහය දෙන බව ද මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Share This